අන්තර්ජාල යුගයේ සිදුවන පරිවර්ථන අතර ප්‍රමුකතමයක් ලෙසට හඳුනා ගන්නේ “සාම්ප්‍රධායික පෞද්ගලිකත්වය” අවසන් වන යුගයක් ලෙසටය. ඔබට වන ප්‍රධානතම තේරීම් අවස්ථාවන් දෙකකි. අන්තර්ජාල භාවිතාවේ ප්‍රාථමික යුගයේදී මෙන් හුඳු තොරතුරු ලබා ගන්නා එනම් එක් දිසාවකට පමනක් ක්‍රියාත්මක වන අන්තර්ජාල භවිතාකරන්නෙකුලෙසට පමනක් සීමා වීම හෝ අන්තර්ජාල දෙවන යුගයේදී ආරාධනා කරන අන්තර්ක්‍රියා භාවිතාකරන්නෙකුගේ තත්වයට පිවිසීමය. අද වන විට ඔබ වෙළඳපොලෙන් මිළදී ගන්නා ස්මාර්ට් දුරකථනයක් පැමින්නේ දෙවන භාවිතාවට මුල්ස්වභාවයෙන් සූදානම්වය. තව දුරටත් ඔබට Location History වැනි තොරතුරු විමසන app විවෘත කිරීමක් අවශ්‍ය නොවන්නේ බොහෝ ජනංප්‍රිය app භාවිතාවන්වලදී මෙවැනි විවෘතවීම් ස්වංක්‍රීයව සූදානම් නිසාය. හදාරන්නන් පවසන්නේ Google ඔබටත් වඩා ඔබ ගැන “දැනුවත්” බවයි.
Digital Assistant හැකියාව මේ වන විට සියලුම පාහේ මෙහෙයුම් පද්ධති සමග ක්‍රියාත්මකය. මේවාට ඵලදායී සහයක් සපයන්නට නම් ඔබගේ පෞද්ගලිකත්ව තොරතුරු බෙදා හදා ගන්නට සිදුවේ. සරලව පවසන්නේ නම් ඔබ මේ මොහොතේ සිටින ස්ථානය ඔබ සතු දත්ත උපාංගයේ app හරහා එම ආයතනයන්ගේ සර්වර දැනුවත් වන තරමට වඩාත් ආසන්නට සාර්ථක මෙහෙයවීමක් ලබා දෙන්නට ඒවා කටයුතු කරනු ඇත. ප්‍රශ්නය වඩාත් පුළුල්ව සැලකීමේදී පැහැදිලි වන්නේ ඔබ සිටින ස්ථානය, බොහෝ කරන කියන දේවල් පෙර යුගයේදී මෙන් පෞද්ගලිකත්වය ලෙසට නොසලකන ජීවිත එලබෙන පරම්පරා වලින් ක්‍රමයෙන් ප්‍රකට වෙමින් තිබෙන බවයි.
Pubudu Siriwansa