මෙගා බයිට් ප්‍රමානයක මතක හැකියාව සහිත උපාංගයක් කර්මාන්ත ශාලාවේ සිට ප්‍රවාහනය සදහා බරපතල ප්‍රවාහන පහසුකම් අවශ්‍ය වූ කාලයක්ද තිබිනි. උපංග මෙන්ම මෙහෙයුම් පද්ධති වල ඉදිරි පියවරයන් සදහා අවශ්‍ය වන තොරතුරු ගබඩා හැකියවන් වැඩිපුර අවශ්‍ය වීම සමහර අවස්ථාවලදී තීරනාත්මකව බලපානද ලදී. වේගයෙන් වැඩෙන විෂයක් ලෙසට තොරතුරු තාක්ෂනය අත්පත් කරගන්නා දියුනුවේ ස්වභාවය තොරතුරු ගබඩා හැකියාව වෙතට නැවත සටහන් වීමක් “512GB microSDXC V10, UHS-I U1” ලෙසට මේ වන විට සටහන් වීමට සූදානම් බවට වර්ථා වෙමින් තිබෙනවා. Integral පවසන්නේ තමන් 512GB microSD නිකුතුව වෙළඳ පොලට පැමිනීම එලබෙන මාසයට නියමිත වෙමින් තිබෙන බවයි. දැනට පැවසෙන තොරතුරු වලට අනූව තප්පරයකට මෙගා බයිට් 80 ක දත්ත හුවමාරු හැකියාවක් සහිත මෙම නිකුතුවෙහි මිළ ගනන් තවමත් නිවේදනය වී නැති මුත් ඩොලර් 300 කට ආසන්නව පවතිනු ඇති බවට බලාපොරොත්‍ටු වෙනවා.
Pubudu Siriwansa