Microsoft පසුගිය Ignite event වලදී පවසා සිටි creators ලා ඉලක්ක වන tools අතරින් Microsoft Create යන්නෙහි පෙර සංස්කරණයක් මේ වන වීට නිකුත්ව තිබෙනවා. මෙය පෙර කී tools අතරින් website එක වන අතර එය early preview එකක්ද වනවා. Microsoft 365 subscription ලා වෙනුවෙන් වන මෙහි creative apps හා services රාශියක් වනවා. එම සමාගම Create පැහැදිලි කරන ලද්දේ “the ultimate creator launchpad” ලෙසට වන අතර එය ඔස්සේ videos, graphic design documents, presentations ආදී බොහෝ කටයුතු වලට භාවිතා කරන්නට හැකි වනවා. ආයතනය සැලසුම් කර සිටින්නේ professionalමට්ටමේ templates / content වලට සූදානම් පහසුවක් ගෙනෙන්නට වන අතර දැනට මේ ඔස්සේ presentations, social video posts, printed birthday cards වැනි හැකියාවල් ගෙනැවිත් තිබෙනවා. මෙම templates ‍තෝරා ගැනීමේදී පවා Instagram, Facebook, TikTok, වැනි social media platform ආකාරවලට හෝ birthday, budgets, flyers වැනි topic ආකාරවලට කල හැකි වන අතර මෙය early preview එකක් නිසා Microsoft Designer වල යම් යම් ගැටළු හමුවීමේ හැකියාව ඉඅහල මට්ටමක වනවා.
Pubudu Siriwansa