නෙක හේතූන් මත ලොවපුරා ගොඩ නැගෙමීන් ඇති ආර්ථික කඩා වැටීම තොරතුරු ලෝකයටද බලපාමින් ඇත. විශේෂයෙන් මෑත කාලීනව වැඩි ප්‍රබෝධයක් දැක්වූ සමාජජාලා අවකාශයේන්ද මේ බව ප්‍රකට වෙමින් ඇත. ගැටළුව මෙසේ වන විට විසඳුම සම්බඳ නෙක ආකාර වල ප්‍රාථමික අවස්ථා දක්නට ලැබෙමින් තිබේ. Metaverse ආකාරයේ පොලා පැනීමක් සදහා කාලය මනින බවක් දකින්නට ඇති බව හදාරන්නන්ගේ මතයයි. avatar-driven customer services, augmented reality, 3D interaction වැනි ස්වභාවයන් පිරිවරාගත් retailers අවකාශය වෙතට නව ප්‍රබෝධයක් ඔවුන් පෙන්වා දෙමින් ඇත. Blockchain technologies වලින් ඔපවත් වන blockchain smart contracts වැනි භාවිතාවන් ඇසුරින් ගොඩ නැගෙන ඉක්මන් හා විස්වාසදායී මෙන්ම decentralized ස්වභාවයේ ගනුදෙනු වලින් පිරි නව අවකාශය වේගයෙන් සූදානම් වෙමින් ඇති බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. සමස්ථයක් ලෙසට blockchain, digital twins, infrastructure, මෙන්ම virtual environments මිත්‍ර ව පැමිනෙන්නට නියමිත මේ නව ලෝක භාවිතාව තවත් දෙසකින් තම වියදම් අඩුකරන්නට සිදුව ඇති පසුබිමක කෙසේ සිදුවනු ඇත්ද යන්න තවමත් විවෘත ගැටළුවක්ව පවතිනවා.
Pubudu Siriwansa