සාපේක්ශව macOS එක Windows වලට වඩා ආරක්ශිතය යන්න ප්‍රකට මතයකි. මෑතකදී US adults ලා 1000 ක් ඇසුරින් කල හැදෑරිමකින් හඳුනා ගත් තොරතුරු ඇසුරින් පැවසෙන්නේ VPN නැතිනම් Two step verification භාවිතය වැනි භාවිතාවන් වලදී මැක් භාවිතාකරන්නන් ඉදිරියෙන් සිටින බවයි. එහෙත් ඇන්ටි වෛරස් මෘදුකාංග, ෆයර්වෝල්, ඇන්ටි ස්පයිවෙයාර් වැනි ආරක්ශක උපකරන භාවිතයේදී Windows භාවිතාකරන්නන් ඉදිරියෙන්ම සිටින බවකි. මෙම හැදෑරීමේදී හෙලිවන තවත් කරුනක් වූවේ මෙහෙයුම් පද්ධති යාවත්කාලීනයේදී මැක් භාවිතාකරන්නන්ට වඩා වින්ඩෝස් භාවිතාකරන්නන් ඉදිරියෙන් සිටින බවකි. සමස්ථයක් ලෙසට සහභාගී කරගත් පිරිසගේ භාවිතාවන් වලදී ආරක්ශිත බව පිලිබන්දව අවධානය, ආරක්ශිත බව සදහා පියවර ගැනිම මෙන්ම කිසිම පියවරක් නොගැනීම යන කරුණු සැලකීමේදී Mac මෙන්ම Windows භවිතකරන්නන් අතර මැක් භාවිතාකරන්නන් මදක් පමනක් ඉදිරියෙන් සිටින බවටයි අනාවරනය වෙමින් ඇත්තේ.
Pubudu Siriwansa