Leslie Baugh යනු ලොව ප්‍රථම සම්පූර්නයෙන් මනසින් පලනය කල හැකි robotic දෑතක් දරන අය බවට පත්ව ඇති බවට වාර්ථා වනවා. මීට වසර 40කට පමන සිදුවූ electrical අනතුරකින් ඔහුගේ දෑත අහිමි වූ අතර John Hopkins University වල Applied Physics Laboratory වලදී දියුනු කරන ලද brain functions කියවා ඒවා robotic limbs වෙතටස් සාර්ථකව ලබා දෙමින් ඒ ඔස්සේ පමනක් මෙහෙයවන robotic දෑතක් දරන අය බවට පත්ව තිබෙනවා. මේ වන විට සාර්ථකව ඔහුගේ සිතුවිලි ඔස්සේ එම දෑත් ක්‍රියාත්මක කරන්නට ඔහු සමත්ව සිටින බවට වාර්ථා වන අතර සාමාන්‍ය මට්ටමේ ක්‍රියාකාරකම් කිහිපයක්ම සාර්ථකව ඉ‍ටුකරන්නට ඒවා සමත්ව ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. වඩාත් දියුනු කිරීම් සිදුවෙමින් ඇති අතර එකවර දෑත ක්‍රියාත්මක කරනව වෙනුවට වෙන වෙනම ඒවා ක්‍රියාත්මක කරන්නට සිදුවීම වැනි අවස්තා හඳුනා ගනිමින් විසදුම් සොයා යමින් සිටින බවටත් වැඩි දුරටත් පැහැදිලි කෙරෙනවා. එක් කලක සිනමාවේ මැවෙන නිර්මාන තවත් කලෙක සෑබෑ ලොකයේ හමුවන තවත් අවස්ථාවක් ලෙසට මෙම සිදුවීම විචාරනය වෙමින් තිබේ.