එලබෙන යුගයේදී දේශයන් අතර ගැටලු බොහොමයක් සයිබර් අවකාශය මතට ඌනනය වන බවට හදාරන්නන් අනවැකි පලකරමින් සිටින්නේ දශක කිහිපයක සිටය. ඇමරිකානු ආයතනයක් නිවේදනය කරන Afghan government වල නිල වෙබ් අඩවිය ආසාධිත වීම පි‍ටුපස චීන සම්බන්දතා සහිත Malicious software තමන් හදුනා ගෙන ඇති බව මෑතකදී වාර්ථාවන එම අනාවැකි සනාත කරවන නවතම පුවතකි. එම Cybersecurity හදාරන්නන් පවසනවා corrupted JavaScript ආකාරයේ ගොනු තමන් හඳුනා ගනිමින් සිටින බවකි. ක්‍රමයෙන් පරිගණක ඉලක්කවන හානිකරයන්ගේ සිට ආයතනික මට්ටමේ පද්ධතීන් ඉලක්කවන හානිකරයන් පසුගිය කාලයේ බහුලව හමුවන්නට වූ අතර ක්‍රමයෙන් රාජ්‍ය මට්ටමින් පරිගණක පද්ධති ඉලක්කවන හානිකරයන්ගේද ක්‍රමයෙන් දක්නට ලැබෙමින් ඇති බවටයි වාර්ථ වන්නේ. තොරතුරු තාක්ශනික භාවිතාවන් ක්‍රමයෙන් පුද්ගල මට්ටමේ සිට රාජ්‍ය යාන්ත්‍රන මට්ටම දක්වා වේගයෙන් බහුල වෙත්ම මෙම තත්වය වඩාත් සංකීර්න වෙමින් ඇති බවටයි පෙන්නුම් කෙරෙන්නේ. හදාරන්නන් තම මතයට සාධයක් ලෙසට පැහැදිලි කෙරෙන්නේ “gov.af” ඩොමේනය යටතේ වන එම ගොනු අතරවූ හානිකරයන් එම දෙරට අතර නායක හමුවක් වූ දින අවසාන යාවත්කාලීනය සිදුවූ බවත් ඉන් පසුව එම ගොනු ඉවත්කරගන්නට කටයුතු කර ඇති බවත්ය.