ඔබේ iPhone වල battery life හොඳ මට්ටමක පවත්වාගෙන යාමට වැදගත් වන සරල tricks කිහිපයක් පහත දැක්වේ. කාර්ය බහුල දවස තුල battery life එක හොඳ මට්ටමක පවත්වාගෙන යාමට අවශ්‍යවන මෙම සරල හා පහසු මෙන්ම මෙහෙයුම්පද්ධතිය සමග පැමින ඇති හැකියාවන් කිහිපයක් එහි වේ. Turn on auto-brightness යනු වෙනස් වන පරිසර තත්වයන් යටතේ ස්වංක්‍රීයව සැකසෙමින් වැඩි බැටරි හැකියාවකට සහය වනු ඇත.
Settings > Battery > Last 10 Days ඔස්සේ පිවිස වැඩිම බල වැයක් දරන apps පිලිබඳව වැටහීමකට යන්නට හැකි වනු ඇත. ඒ ඔස්සේ ඔබේ භාවිතාව ගැන වැටහීමකට යන්නට හැකි වන අතර ඔබගේ අනවධානය සමග දුරකථනයේ බලය සොරා ගන්නා apps හා ඒවායේ භාවිතය සීමා කරගන්නට සහය වනු ඇත.
හදාරන්නන් පවසන්නේ නිතරම භාවිතාවන apps සදහා නිතරම quitting වලට යාම වැඩි බල අපතේ යාමකට මග පාදන බවට පැහැදිලි කෙරෙනවා. මේ නිසා standby mode වල තබා ගනිමින් නිතර භාවිතාවන apps සමග කටයුතු කිරීම වැදගත් වනු ඇති බවට උපදෙස් දෙනු ලබනවා.
ඔබේ දුරකථනය charging අතර තුර භාවිතාකිරීම හානිකර බවට පහදන ඔවුන් පවසන්නේ එය බැටරියේ ආයුකාලය අඩුකරන්නන් මෙන්ම charge cycle වලටද බලපාන බව පැහැදිලි කරන්වා. විශේෂයෙන් game හා videos සදහා දුරකථන භාවිතාකරන්නන් වෙතට ඔවුන් අනතුරු අගවන්නට කටයුතු කරමින් සිටිනවා.
Safari tabs සදහා වැදගත් වන Auto-close හකියාව ඔස්සේ ද බලය ඉතිරියක් සදහා කටයුතු කරන්නට ඔබට හැකි වන අතර ඒ සදහා Settings app > Scroll down > tap Safari >Settings app. Scroll down > tap Safari > tap Close Tabs ඔස්සේ දිනයකින් සතියකින් වැනි කාල පරාසයකින් විවෘතව ඇති Safari iOS app එකේ tabs පාලනය කරන්නට ඔබට හැකි වනු ඇත.
Keep your iPhone cool ඔවුන්ගේ තවත් උපදෙසක් වනවා. iPhone එකේ දීර්ග පැවැත්මට මෙන්ම හොඳින් පැවැත්මට එය සිසිල් පරිසරයක තිබීම වැදගත් වන අතර විශේෂයෙන් බල ගැන්වීමේදී case එකෙන් ඉවත්ව තැබීම වඩාත් හොඳ බවට පෙන්වා දෙනවා.
Pubudu Siriwansa