‘Dark Herring’ පිලිබඳව පැහැදිලි කෙරෙන්නේ subscription scam එකක් ලෙසටය. Google Play Store apps දැනට 470 ක දැවටී එන මෙම subscription scam එක විසින් දැනට ලොව පුරා වන 100 million කගේ පමන ඩොලර් මිලියන සිය ගනනක් අනවසර අත්පත් කර ගැනීම් වලට හසුකරගෙන ඇති බවටයි පවසන්නේ. Direct Carrier Billing නම් භාවිතාකරන්නගේ මිළදී ගැනීම් සදහා තමන් විසින් මාසිකව බිල් ගෙවීමකට යටත්වන් ගෙන ඇති සේවා සදහා වන ගෙවීම් වලට බද්ධව ගෙවීම් කරන ආකාරය හරහා මෙම වංචාසහගත කටයුත්ත සිඳුවන බවටයි තොරතුරු වාර්ථා වෙමින් ඇත්තේ. Google ආයතනය මේ වන විටත් මෙම ආකාරයට සම්බන්ද බවට හදුනා ගෙන ඇති apps 21 පමන ban කර ඇති අතර Smashex, Upgradem, Stream HD, Vidly Vibe, Cast It, My Translator Pro, New Mobile Games, StreamCast Pro, Ultra Stream, Photograph Labs Pro, VideoProj Lab, Drive Simulator, Speedy Cars – Final Lap, Football Legends, Football HERO 2021, Grand Mafia Auto, Offroad Jeep Simulator, Smashex Pro, Racing City, Connectool, City Bus Simulator 2 ලෙසට ඒවා නම්ව ඇති අතර දැනට මත් මේවා ස්ථාපිතව ඇති උපාංග වලින් මේවා අස්ථාපනයට කටයුතු කිරීම හිතකර බවට පැවසෙනවා.
Pubudu Siriwansa