Apple පවසන්නේ තම iOS 16.2 යාවත්කාලීනයට සමාන්තරව iPadOS 15.7.2 නිකුතුවක්ද ගෙනෙන්නට තමන් කටයුතු කර ඇති බවකි. මෙම 15.7 සහ 15.7.1 නිකුත් කරමින් ඔවුන් පවසන්නේ තම අදාල උපාංග භාවිතාකරන්නන් අතරින් iOS 16 වෙතට යාමට අකමැති හෝ යාමට නොහැකි උපාංග වෙතට iOS 16.2 security patches ගෙන ඒම තම ප්‍රමුකථාවය බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන ඔවුන් පවසන්නේ නව iPhones භාවිතාකරන්නන් නව security patches වෙතට යාමට iOS 16.2 අනුවාර්ය වන මුත් තවමත් iPadOS 15 භාවිතාකරන්නෙකුට 15.7.2 update වෙතට යාමට හැකි වන බවයි. Apple ආයතනය පසුග්ය වසරේදී iOS 15 නිකුතුවට සමාන්තරව iOS 14 සදහාද කෙටිකාලයක් යවත්කාලීන කරනු ලැබුවා.
Pubudu Siriwansa