Intel ආයතනය පවසන්නේ තමන් 2017 පමන වන විට 10nm Chip නිෂ්පාදනය වෙතට සැලසුම් කරමින් සිටින බවකි. මෙම “10-nanometer” ඉලක්කය බොහෝ විට එලබෙනවසරේ දී පැමිනීමේ ඉඩකඩද බොහෝ බවටයි වැඩිදුරටත් අනුමානය වන්නේ. ප්‍රකට Moore’s Law ඉක්මවන ප්‍රවනතාවක් පෙන්වන මෙම දියුනු කිරීම “tick tock tock” ලෙසින් සංකේථාත්මක හැදින්වීමකට ඔවුන් පෙලබ සිටිනවා. ක්‍රමයෙන් දියුනු වන තාක්ශනයන් තුනක් මෙම නාමය ඔස්සේ කියවනු ලැබෙනවා. ආයතනය ඊලග වසර දෙක තුලදී 7 nanometers වෙතට පිවිසීමේ අභියෝගාත්මක අත්හදා බැලීමේ මට්ටමට පැමිනීමක් පිලිබදවද ඉගිකරමින් සිටින අතර ද්‍රව්‍ය තාක්ශනය පිලිබදව සීමාමාත්මක මෙම මට්ටම පිල්බදව තවමත් වැඩි දුර විස්තර හෙලිවෙන්නේ නැත. එම සංකේථානය නිර්මානය වන ආකාරය 14nm process-tick, Skylake microarchitecture – tock, Kaby Lake – tock. ලෙසටයි හදාරන්නන් පැහැදිලි කර සිටින්නේ. වේගයෙන් කුඩා වෙමින් ඇති උපාංග ලෝකයේ මෙන්ම වඩාත් වේගවත් වීමේ අවශ්‍යතාවය විසින් තොරතුරු තාක්ශනය මෙලෙස තීරනාත්මක ලෙසට ඉදිරියට තල්ලුකරමින් සිටීමයි හදාරන්නන්ගේ වැඩි දුරටත් වන පැහැදිලි කිරීම වන්නේ.