Windows 10 නිල නිකුතුවට දින කිහිපයක් පමනක් ඉතිරිව ඇත. පලමු පෙර නිකුතුවේ සිටම වෙනස් මගක් ගත් Windows 10 වල වේගවත් පෙර නිකුතූන් පෙලක් පැමිනි අතර එම සංස්කරන අත්හදා බලන්නන් ප්‍රධානව කොටස් දෙකක් සමග වඩ වඩාත් සාර්ථකව අත්හදා බලමින් මේ වන විට අවසන් අදියරට පැමිනෙන්නට සූදානම් වෙමින් සිටී. මෘදුකාංග සමාගමක සිට සේවා සමගමක් ලෙසට ආයතනිකවද පරිවර්ථනයක් පසුකරන ලද අතර ඔවුන් පවසා සිටියේ Windows 10 යනු භාවිතාකරන්නන් මිළඳී ගනු ලබන Windows අවසන් සංස්කරනය වනු ඇති බවය. මේ වන විට හෙලි වෙමින් ඇති නවතම තොරතුරුද සමග සැලකීමේදී Windows 10 සදහා ආයතනයේ සමස්ථ සහය(support cycle) කාලය 2025 දක්වා පවතිනු ඇත. ඉන් පලමු වසර 5(mainstream support) නැතිනම් නව දියුනු කිරිම් ද සමග වන දුර්වලතා සැකසීම් ආදී සියලු සේවාවාවන් ලබන කාලය වන මුත් ඉතිරි වසර 5 දුර්වලතා සැකසීම් සදහා පමනක් සහය දක්වන කාලය වනු ඇත. සමස්ථ වගකීම් කාලය October 14, 2025 වන විට අවසන් වන බවටයි මේ අනූව පැහැදිලි කෙරෙන්නේ. තවමත් ඊලගට පැමිනෙන සංස්කරනයක් පිලිබදව පැහැදිලි කිරීමක් එම ආයතනයෙන් නිකුතුව නැති අතර වැඩි දුරටත් කිය වෙන්නේ Windows 10 වෙතට සියලු උපාංග සම්පූර්නයෙන් සහය නොදක්වනු ඇති බවය. පැමිනෙන යාවත්කාලීන සදහාද මෙම තත්වය විටක හමුවිය හැකි වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.