Microsoft වෙතින් කඩිනමින් නිමවෙමින් ඇති Windows 10 සමග බලාපොරොත්තුවෙමින් ඇති නව අංගයන් අතර බ්‍රවුසර වෙනස වැදගත්ම අංගයකි. මේ වන විට Microsoft වෙතින් නිවේදනය වෙමින් ඇත්තේ ඔවුනගේ අනාගත ප්‍රධාන බ්‍රවුසරය Spartan වීමට නියමිත බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ Trident engine එනම් Internet Explorer 11 හ් පදනමම වඩාත් දියුනු කර මේ සදහා භාවිතාවන බවය. “modern web” සදහා වඩාත් දියුනු කර ඇති මෙම යාන්ත්‍රනය මත නිමවන දැනට Spartan ලෙසට නම් වන අනාගත බ්‍රවුසරය සදහා වෙනත් නමක් අනාගත අවසන් නිකුතුව සදහා වීමට ඇති ඉඩකඩද විවෘතව පවතිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ Internet Explorer 11 නොවෙනස් ව පවතින අතර Spartan වෙනත් නමකින් පැමිනෙන මෙම නව බ්‍රවුසර සංස්කරනය වැඩි දියුනු වෙමින් ඉදිරියට යනු ඇති බවකි. එනම් I.E 11 සංස්කරනය Windows 8.1 සමග අවසන් වනු ඇති බවකි. මෑතකදී නිකුත් වූ Windows 10 සංස්කරනය සමගද නව බ්‍රවුසරය දක්නට නොලැබුනු අතර පැමිනෙන්නට නියමිත නුදුරු සංස්කරනයක් සමග මෙම නව නිකුතුව අත්දකින්නට භාවිතකරන්නන්හට හැකි වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.