තවදුරටත් අප එක් දත්ත උපාංගයක් ඔස්සේ දවස පුරා කටයුතු කරන්නෝ නොවෙමු. වෘතීය මට්ටමේ වේවා, පෞද්ගලික මට්ටමේ වේවා දෛනික ජීවිතය වටා ස්ථාවර ලෙසින් මෙන්ම ජංගම ලෙසින් දත්ත උපාංග රාශියක් සමග කටයුතු කරන්නට වීම නවීන ජිවිතයේ ස්වභාවය වී ඇත. මෙය සමහර විටක නිවසේ ඉදිරි දොර‍ටුවට සවි වන ස්මාර්ට් දොර සීනුවේ සිට නිවසේ ප්‍රධාන පරිගණකය දක්වා විහිදෙනු ඇත.
තවදුරටත් උපාංග හුදකලාව ක්‍රියාත්මක වන ඒවා නොවීමද බහුල අත්දැකීමකි. මේවා එකි නෙක යාවෙමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් සදහා කටයුතු කරන බව පොදු අත්දැකීමකි. බහුලවම මෙම යාවීම සදහා පදනම් වන්නේ home network එකකිනි. විශේෂයෙන් නිවසේ සිට වැඩ කරන ප්‍රවනතාවයත් සමග සැලකීමේදී නිවස මූලික දත්ත ජාලය අද වන විට බහුල අත්දැකීමකි. අවශ්‍ය නම් පොදුවේ මෙම ගොනුවට small area network එකක් ලෙසටද නම් කරන්නට අපට හැකිය. මෙම නෙක උපකරන සමග නෙට්වර්ක්වීමේ හැකියාවන් කිහිප ආකාරයක් ගෙන ආවද WiFi Network එක ප්‍රධාන වීම ස්වභාවයය. home හෝ small business නැතිනම් Office ලෙසට මොන ආකාර ගත්තද wireless හෝ wired ලෙසට මොන ආකාරගත්තද සාමාන්‍යයෙන් සියළුම උපාංග WiFi නෙට්වර්ක් එකක් ඔස්සේ එකට ගොනුවී ප්‍රධාන Router එකක් ඔස්සේ Internet වෙතට සම්බන්ද වීම මහුල ආකාරයයි.
Pubudu Siriwansa