ඔබ වෙනම මිළඳී ගැනීමකින් හෝ අන්තර්ජාල සේවා ලබා ගන්නා ISP වෙතින් ලැබන් ප්‍රධාන උපාංගය වන්නේ router එක වේ. මේ කාලයේදී එය අනිවාර්යෙන් WiFi ආකාරයේ එකක් වනු ඇත. පලමු කොටම එය ඔබගේ නිවස හා අන්තර්ජාලය සමග සම්බන්ඳ කරන්නා වේ. ‍රැහැන් ආකාරයට හෝ ‍රැහැන් රහිත ආකාරයට මේ සබඳතාවය එය ඔබ වෙතට ගෙන එනු ඇත. අදල ආයතනය සමග සේවාව ලබා ගැනීමේදී ගිවිස ගන්නා වේගයකට යටත්ව, දත්ත ප්‍රමානයකට යටත්ව බොහෝ විට මාසයක් වැනි කාලයක් තුලදී භුක්ති විඳින්නට මෙම දත්ත ප්‍රමානය ඔබට ලැබේ. එසේම ප්‍රධාන දත්ත ගොනුවට අමතරව තව දුරටත් පොදු ආකාරයට , වෙන වෙනම් වෙබ් සේවාවලට අදාලව, කාල ප්‍රමාන අනූව අමතර දත්ත ගොනුද එම සේවා දායකයාගෙන්ම අමතර ගෙවීමකින් ලබා ගන්නට හැකි විය හැකි අතර සමහර විටක දිරි ගැන්වීම් ලෙසට නොමිළේ දත්ත ප්‍රමානවල් පිරිනමන්නටද සමහර විටක ඔවුන් ක්‍රියා කරයි.
Router එක ඔබ ගේ උපාංග සදහා අන්තර්ජාල සේවාව ගෙනෙනවා සේම ඒ ඔස්සේ නිවසේ හෝ කාර්යාලයේ උපාංග ගොනුව අතර network එකක් සූදානම් කර දෙන්නටද ක්‍රියා කරනු ඇත. එහිදී එම උපාංග අතර ගොනු හුවමාරුවට, සැකසුම් හුවමාරුවට පමනක් නොව විටක එකක් ඔස්සේ අනෙක පාලනයට වැනි අවස්ථාද ‍රැගෙන එනු ඇත. සමස්ථයක් ලෙසට ආරක්ශිත මට්ටමින් නවීන router එකක් මෙන්ම සම්බඳ කරන උපාංග හොඳ දෘඩාංග, මෘදුකාංග මට්ටමක තබා ගැනීම වැදගත් වන්නේ එම දුර්වලකම් ඔස්සේ බාහුර හානිකරයන් ඔබ වෙතට ගලා එන්නට එය පහසු මගක් වන බැවිනි.
Pubudu Siriwansa