French වල ප්‍රකට security firm එකක් වන Pradeo වෙතින් පැවසෙන්නේ තමන් File Manager සහ ‘File Recovery and Data Recovery’ යන apps හදුනා ගත් බවයි. Google මේ වන විටත් එම apps තම Play Store වලින් ඉවත්කර තිබුනද සැලකිය යුතු බාගත කිරීම් ප්‍රමානයක් ඒ වන විටත් සිදුව තිබුනු බවටයි සැක කෙරෙන්නේ. Google Play store ව තුල මෙම සංක්‍යාව 1.5 million ලෙසට සදහන්ව තිබුනද එය භාවිතාකරන්නන් පොලබවා ගැනීමට කල ව්‍යාජයක් බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. මෙම apps ස්ථාපනයෙන් පසුව home screen තුල hide වෙමින් අස්ථාපනය අපහසු කරවන අතර contact list හා location ප්‍රමුකව එහි වන ඡායාරූ මෙන්ම වීඩියෝ ආදිය සොරාගන්නට කටයුතු කරන බවටයි විස්තර කෙරෙන්නේ. ඔබ දැනටමත් මෙම apps ස්ථාපනය කරගෙන හෝ ඔබ නොදැනුවත්වම ස්ථාපනයවී ඇත්නම් Manage apps and devices’ ඔස්සේ පිවිස් එය අස්ථපනයට කටයුතු කරන ලෙසටයි උපදෙස් ලැබෙන්නේ.
Pubudu Siriwansa