බොහෝ විට Google ඔබට වඩා ඔබ ගැන දන්නා අයෙක් වෙමින් තිබේ. ඔබේ අවිංඥානික පියවරයන් google විසින් සවිංඥානිකව ගබඩා අකර ගැනීම නිරන්තරයෙන් කරමින් සිටී. සෑම විටම මෙම තොරතුරු ‍රැස්වීම ඔබට හානිකර විදිහටම බලනොපානු ඇත. විටක ඔබට වන අමතක වීමක් නිවැරදි කරගන්නට ඒවා හේතු විය හැක.වැරදීමක් නැතිනම් යම් අස්ථානගත වීමක් නිවැරදි කරගන්නට ඒවා සහය වන්නට ඉඩ ඇත. නමුත් අමතක නොකලමයුතු කාරනය වන්නේ ඔවුන් මෙම තොරතුරු ‍රැස් කරන්නේ ඔබගේ සහය සදහාම පමනක් නොවේ ඔබ වෙතට වඩාත් ඉලක්ක වන තොරතුරු ගෙන ඒමටය. ඒවා වෙළඳ ස්වභාවයේ සිට හදිස්සි සහයක් දක්වා දිගුවිය හැක.
කෙසේ මුත් මේ වන විට පුද්ගල මට්ටමින් පමනක් නොව සංවිධාන හා රජයන් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන මට්ටමින් privacy concerns අවධානයට ලක්වන මාතෘකාවක් වෙමින් තිබේ. Google වල location tracking මේ අතර ඉහල තැනක් ගනී. Google පවසන්නේ Android smartphone users ලා සදහා මේ ගැන වඩාත් සැකසුම් ගෙනෙන්නට තමන් කටයුතු කරමින් සිටී. Google පැහැදිලි කරන්නේ location history ය default මට්ටමින් disabled වන අතර අවශ්‍යනම් පමනක් සංක්‍රියකරගන්නට හැකි බවයි. දැනටමත් මෙම පහසුව සංක්‍රිය මට්ටමේ නම් මේ සදහා web browser වල Location History page වෙතට පිවිස Location History > Turn off කරගන්නට හැක. හදාරන්නන් පවසන්නේ Google වල Web & App Activity (WAA) තවත් දත්ත ‍රැස්වන ආකාරයකි. මෙතැනදී location / service history ‍රැස්වීමක් වන අතර එය අක්‍රිය කිරීම සදහා web browser > Web & App Activity > Turn off හැකියාව ඇත. එසේම Delete old activity > All time හා අවශ්‍ය products ‍තෝරා Next > Delete කරන්නට හැක.
Pubudu Siriwansa