පලවන නවතම වාර්ථාවක් පවසන්නේ Google අයතනය තම භාවිතාකරන්නන් වෙතට තම ගිනුම් වලට ඇතුලුවීම සදහා වන ක්‍රමවේදය වඩාත් සරල කිරීමේ නව ආකාරයක් අත්හදා බලමින් සිටින බවයි. ඉතා සීමිත පිරිසක් අතර දැනටමත් සිදුවෙමින් ඇති මෙම පියවරෙහිදි භාවිතාකරන්නන් හට සංකීර්න අවසර පද මතක තබා ගන්නට සිදුවීම සැහැල්ලු කර දමනු ඇති බවටයි විස්වාසය පල වන්නේ. මෙහිදී අයෙකුට තම Google ගිනුමට පිවිසෙන්නට උත්සාහ කිරීමේදී තම Android smartphoneය ඔස්සේ ලැබෙන notification එකක් හරහා තමන් ඇතුලුවන්නට උත්සාහකරන උපාංගය සදහා තහවුරුවක් ලබා දෙන්නට සිදුවන අතර දුරකතනය ඔස්සේ ලැබෙන අංකයක් ලබා දීමෙන් එම අනන්‍යතාවය තහ්වුරු කිරීමෙන් පහසුවෙන් හා සරලව නව උපාංගය ඔස්සේ Google ගිනුමට පිවිසීමේ හැකියාව ලැබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. Microsoft මෙන්ම Yahoo වැනි ප්‍රදාන පෙලේ ආයතන මේ වන විට මේ ආකාරයගත් විකල්ප ක්‍රම වේද වෙතට තම අවධානය යොමුකරමින් සිටින අතරවඩාත් සරල මුත් ආරක්ශිත අනන්‍යතා තහවුරුවක් මේ ඔස්සේ ලබාදෙන්නට හැකි වන බවටයි ඔවුන්ගේද බලාපොරොත්තුව වෙන්නේ.