වේගයෙන් බහුල හා සංකීර්න වෙමින් ඇති Internet භාවිතාව තුල වඩ වඩාත් විධිමත් සැකසුම් අවශ්‍ය වීම ස්වාභාවිකය. අන්තර්ජාල භාවිතාවෙදී යම් වෙබ් අඩවියන් නෛතික කාරනයක් නිසා වැලකීම දිනෙන් දිනම වැඩි වැඩියෙන් සිදුවෙමින් පවතින මුත් මේ සදහා පැහැදිලි Code එකක් ඔස්සේ භාවිතාකරන්නට උත්සාහ කරන්නා වෙතට එම පනිවිඬය නොපැමිනීම ගැටලුවකි. බොහෝ විට මේ සදහා error code 403 – “Forbidden Access”- පැමිනියද එය සාර්ථක නැතිනම් පැහැදිලි හේතු දැක්වීමක් නොවන බව පිලිගැනීමකි. IEFT සමග කටයුතුකරන කන්ඩායමක් මේ සදහා HTTP status code, 451 Unavailable For Legal Reasons- යෝජනාකර ඇති අතර එය පිලිගැනීමට ලක්ව ඇති බවටයි වාර්ථා වන්නේ. කෙසේ වෙතත් තවමත් මෙම නව භාවිතාව සතු ගැටලු කිහිපයක්ම පවතින බවට තොරතුරු පලවන අතර වැඩිදුර හැදෑරීම් සිදුවෙමින් ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.