Google Chrome බහුල භාවිතාවකි. ඒ නිසාම බහුල ඉලක්කයකි. එනම් ආරක්ෂිත වෙබ් සැරියක් සදහා හොඳින් යාවත්කාලීනවූ Google Chrome ස්ථාපිතයක් ඔබගේ උපාංගය මත පවත්වාගෙන යාම ඉතා වැදගත් පියවරකි. Google ආයතනය යටතේ නඩත්තුවන මෙම බ්‍රවුසරය සදහා security patches කලින් කලට නිකුතන අතර අනෙකුත් බොහෝ ප්‍රධාන මෘදුකාංග වලදි සිදුවෙන්නක් මෙන් background යාවත්කාලීනයන් සදහා ඒවා සූදානම්ව පැමිනේ. මෙම නව security update මෙන්ම new feature සදහා භාවිතාකරන්නෙකුට manually ආකාරයට කටයුතු කිරීම වඩාත් ඉක්මන් උත්සාහයක් වනු ඇත.
Google Chrome වලදී desktop update සදහා Google Chrome > three vertical dots > Settings > About Chrome > Update Google Chrom > Relaunch යන පිලිවල ඔස්සේ කටයුතු කල විට ස්වංක්‍රීයව අදාල යාවත්කාලීන ස්තාපිතව බ්‍රවුසරය නැවත ආරම්භවීම සිදුකරනු ඇත.
Android වල Google Chrome සදහා update වීමට Google Play Store > your profile image > Manage apps & device > See details > Updates available > Update ඔස්සේ හැකිවනු ඇත. හැමවිටම බ්‍රවුසරයේ නවතම සංස්කරනයක තබා ගැනීම මෙන්ම එයට එක් කරනු ලබන ඇඩෝන පිලිබඳව සැලකිලිමත්වීම මෙන්ම සැකසහිත බවක් හගවන වෙබ් අඩවි වෙතට නොපිවිසීම මෙන්ම ආරක්ශක මෘදුකාංග විසින් අනතුරු අගවන අවස්ථාවලදී එම වෙබ් අඩවි මග හැරීම වැදගත් වනවා සේම passwords වැනි තොරතුරු බ්‍රවුසරයේ මෙන්ම වෙනත් මෘදුකාංග ආධාරයෙන් මතකයේ රදවා තැබීම පිලිබඳව අවධානයෙන් සිටීම වැදගත් බව හදාරන්නන්ගේ නිරන්තර මතක්කර දිමයි.
Pubudu Siriwansa