Online Shopping අද වන විට බහුල භාවිතාවකි. මේ ක්‍රියාවලිය ආශ්‍රිතව සිදුවන ගැටළුද අපමනක් බව දිනෙන් දින වාර්ථා වෙමින් ඇත. බොහෝ විට අදාල transactions ක්‍රියාවලියේ සිට අදාල සේවාව හෝ ද්‍රව්‍ය ගැටළුවකින් තොරව ඔබ අතට පත්වීම සිදුවුවද මේවා සමග ගැටළු පැමිනීමද දිනෙන් දින වාර්ථාවීම් ඉහල යන බව වාර්ථා පවසයි. මෙම ආකාරයේ කටයුතු වලට අදාල tips කිහිපයක් මෙසේ යෝජනා කල හැක.
හැම විටකම විස්වාසනීය හෝ හුරුපුරුදු වෙබ් අඩවි වෙතට විස්වාසය තැබීම හොඳ පුරුද්දකි. එහිදීද Misspellings ආකාරයෙන් ඔබව නොමග යවන්නට කටයුතු බහුලව සිදුවේ. මේ නිසාම ඔබ ගොඩවන වෙබ් අඩවිය නියම එකක්ද නැතිනම් වැඩි සමාන කමක් ඇති ව්‍යාජ එකක්ද යන්න සැලකිලිමත් වීම වැදගත් වනු ඇත. එසේම SSL (Secure sockets layer) ආරක්ශිත බව කියවෙන HTTPS බවින් සංයුත්තව පැමින තිබීම වැදගත් වනු ඇත. මේ සදහා Locked Padlock දෘශ්‍ය සටහනද ඔබට සහය වනු ඇත. අදවන විට Google Chrome වලදී මෙසේ නොවන වෙබ් අඩවි අනාරක්ශිත බව හගවන්නටඩ කටයුතු කරනු ලබයි.
වෙබ් අඩවියක් සමග ගනුදෙනු කිරීමේදී එම අඩවිය තහවුරුව සදහා ඔබ ගැන තොරතුරු කිහිපයක් ඉල්ලා සිටී. දෙවනුව අදාල භාන්ඩය ඔබ වෙතට එවන්නට ස්ථානය පිලිබඳව තහවුරුව ලබ ගන්නවා විය හැක. අවසානයේ ආරක්ස්ගිතව ඔබගේ මුදල් කාර්ඩ්පත භාවිතාකරන්නට අවස්ථාව දෙයි. බොහෝ විට එම බැංකු ගිනිමට අදාලව සංක්‍රිය කර ඇති ජංගම දුරකථනයට ලැබෙන දෙවන තහවුරුව ඔස්සේ තහවුරුව ආරක්ශාව සදහා වැදගත් වේ. මුදල් පත පිලිබඳව තොරතුරු අදාල වෙබ් අඩවිය රදවා ගන්නේනම් වැඩි සැලකිලිමත් වීම වැදගත් වේ. මාසිකව වාර්ශිකව ගෙවීමක් කරන්නට හෝ මීලග ගනු දෙනුවකට පහසුවෙන් පිවිසෙන්නට මේ පියවර වැදගත් වුවද කල්පනකාරී වීම වැදගත් පියවරකි. බැංකුවකින් හෝ වෙනත් ආයතනයකින් වෙනත් ආකාරවලට ඔබගේ තොරතුරු ඉල්ලා සිටීම නොකරන බවට නිතරම පවසන්නකි.
පොදු Wi-Fi අවකාශ භාවිතාකිරීම අනතුරු දායක විය හැක. විශේෂයෙන් ගනුදෙනු සදහා භාවිතාකිරීම වඩාත් හානිකර විය හැක. මුදල් කාර්ඩ් පතක වන ප්‍රධාන තොරතුරු කිහිපය පැහැර ගැනීම ඔබට අනතුරක් විය හැකි බැවින් Bank App එකක් හරහා ගෙවීමක් කරන්නට හැකි හැමවිටම එසේ කිරීම ආරක්ෂිත පියවරකි.
බැංකුව සමග සම්බන්ද වෙමින් ඔබගේ ගිනුම් ශේෂයන් ගැන යාවත්කාලීන වීම වැදගත් තවත් පියවරකි. එසේම යම් සැකයකදී පැහැදිලි කර ගැනීම මෙන්ම පැහැදිලි සැකයක් වෙනම් අදාල අංශ වෙතට පැමිනිලි කිරිම වැදගත් බවත් කිවයුතුවම ඇත.
Pubudu Siriwansa