Google පවසන්නේ තම Google Chrome වල සහය Windows 7 and 8.1 සදහා February 2023 වල අවසන් වන්නට නියමිත බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ February 7, 2023 නිකුතුවට නියමිත Chrome 110 සමගින් මේ බව සිදුවන්නට නියමිත බවයි. එනම් තවදුරටත් එම මෙහෙයුම් පද්ධති සමග කටයුතු කලද නව feature updates / security patche නිකුත් වන්නේ නැති බවයි.ඒ අනූව සුමට හා ආරක්ශිත භාවිතාවක් සදහා windows 10 සදහාවත් පැමිනීම වැදගත් වනු ඇත. Microsoft සමාගමද දැනටමත් පවසා සිටින්නේ January 10th, 2023 වලින් පසුව Windows 7 ESU / Windows 8.1 extended සහයද අවසන් කරන බවයි. Microsoft සමාගම Windows 7 සදහා සහය January 2020, වලදී අවසන් කලද හැදෑරීම් වාර්ථාවකට අනූව භාවිතාව 10.68% ක පවතින බවට පැවසෙන අතර Windows 8.1 නම් 2.7% තරම් අඩු අගයක වන බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa