FACEBOOK වල trusted contacts හැකියාව අවසන් කර දමන්නට කටයුතු කර තිබෙනවා. මෙම අංගය ඔස්සේ ඔබගේ අවසර ඕදය අමතක වීමකදී නැතිනම් ඊමේලය අමතක වීමකදී නැවත ගිණුම වෙතට ලොග් වන්නට පෙර ‍තෝරාගත් trusted contacts ඔස්සේ සහය ලැබූ අතර hacker පහරදීමකදීද මේ හැකියාව මහත් සහයක් ගෙනෙනු ලැබුවා. Facebook අයතනය පවසන්නේ ඉදිරියේදී ඔබගේ ගිනුමට අදාල email address / phone number ආදී තොරතුරු හොඳින් යාවත්කාලීනව තබා ගැනීම ඉතා වැදගත් වන බවයි. මේ සදහා Settings > Personal and account information > Contact info ඔස්සේ පිවිසීමෙන් හැකි වනවා. එසේම ඔබගේ Facebook ගිණුමට අදාලව two-factor authentication හැකියාව සංක්‍රියව තබා ගැනීමද වැදගත් ආරක්ශක පියවරක් වනු ඇත.
Pubudu Siriwansa