PayPal නිවේදනය කරන්නේ ඔවුන්ද passwordless යුගය වෙතට පිවිසෙන්නට කටයුතු කර ඇති බවයි. passkeys ඔස්සේ ගොඩ නැගෙන මෙම නව භාවිතාව නිසා පැමිනෙන්නන්ට සංකීර්න අවසර පද මතක තබාගැනීමේ අවශ්‍යතාවය අවසන් වන අතර PayPal පවසන්නේ ආරම්භයේදී මෙම පහසුව iPhone, iPad, Mac වෙතට සහය දක්වන අතර ක්‍රමයෙන් ලෝකය පුරා භාවිතාකරන්නන් වෙතට ගෙන යන්නට කටයුතු කරන බවයි.
PayPal පැහැදිලි කරන්නේ, සහය දක්වන operating systemයක browser යක් ඔස්සේ log in වූ විට option එකක් ලෙසට “Create a passkey” හමුවන්නට නියමිත අතර Apple Face ID / Touch ID වැනි ආකාරයක් ඔස්සේ authenticate වීමට හැකි අතර නිර්මානය වන passkey එක iCloud Keychain වල synced වන බවයි. පසුව වන log in වීමක් සදහා ඔබට authenticate වීමක් පමනක් අවශ්‍ය වන අතර password භාවිතාව අවසන් වනවා. එපමනක් නොව පසුව විය හැකි unsupported device එකකින් ලොග් වීමක් සදහා ලැබෙන QR code එකක් iPhone ඔස්සේ පිරික්සා verify එකක් ලබා ගන්නට හැකිවන බවට පැහැදිලි කෙරෙනවා. PayPal පවසන්නේ දැනට මෙම පහසුව United States වල භාවිතාකරන්නන් සදහා මුදා හැර ඇති අතර 2023 මුල් භාගය වන විට ලොවපුරා භාවිතයට ගෙනෙන්නට කටයුතු කරන බවයි.
Pubudu Siriwansa