නෙක ආකාරයක අවශ්‍යතා සපුරා ගන්නට පරිගණකය වෙතට විවිධ ආකාරයේ මෘදුකාංග ඔබ පරිගණකය මතට ස්ථාපනය කර ගන්නාවා සේම එම සමස්ථ පරිගණකයේම ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගෙන යාමට සහය වන මෘදුකංගයක් ස්ථාපනය කර තිබීම බොහෝ විට වැදගත් විය හැක. එම අවශයතාවයන් සපුරා දෙන system tools හා utilities කිහිපයකම එකතුවක් ලෙසට වන මෘදුකාංගයක් ස්ථාපනය කර ගන්නට හැකිවීම වඩාත් පහසුවක් වන්නේ ඒ සමග fix, speed up, maintain, protect වැනි විවිධ කටයුතු බොහොමයක් එක් ස්ථානයක සිට විටක එක් මෙහෙයුමක් තුලදීම ඉ‍ටුකරවා ගන්නට හැකි වන නිසාය. මෙම Glary Utilities සමග junk files ඉවත්කිරීම, invalid registry entries සැකසීම, Internet traces ඉවත්කිරීම මෙන්ම browser add-ons ඉවත්කිරීම ,analyze disk space usage , duplicate files ඉවත්කිරීම ඇතුලු බොහෝ කාරනා සදහා සහය දක්වනු ඇති . නොමිළේ භාවිතාකල හැකි මෙම මෘදුකාංගයේ බව තම සංස්කරනය පහත දැක්වෙන සබඳතාවය ඔස්සේ ලබා ගත හැක.