හදාරන්නන් එය පහදන්නේ මෙලසය. පලමුව එය ඔබගේ Firefox බ්‍රවුසරයට සංයුත්තව පැමිනෙන PDF කියවනය ආසාදිත කරන අතර ඒ ඔස්සේ ඔබගේ පරිගණකයේ වන පෞද්ගලික තොරතුරු අඩංගු ගොනු ‍රැස්කරගනු ලබයි. අනතුරුව ඒවා බාහිරින් වන සර්වරයක් වෙතට uploading කිරීම අරබනු ලබයි. මෙම ප්‍රහාරයේදී බාහිරින් වන code භාවිතාවක් නොවීම ඇතුලු උපංක්‍රම කිහිපයක් ඔස්සේ පරිගණකයට මෙම අනවසර ක්‍රියාන්විතය හඳුනා ගන්නට ඇති අවස්ථාවන් අවම කරන අතර තොරතුරු සොරා ගැනීම අවසානයේ සියලු සාක්ෂි(traces) ඉවත්කර දමන්නටද කටයුතු කිරීම නිසා පසුව සිදුවූ ආක්‍රමනය පිලිබදව තොරතුරු පසු හැදෑරීමකටද ඉතිරි නොකරන්නට මෙම ක්‍රමවේදය සමත් බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම මෙම තොරතුරු Ukranian server වෙතට ගොනු වෙන බවටද පැහැදිලි කෙරෙනවා. වැඩිදුරටත් කියවෙන්නේ බ්‍රවුසරයේ mobile version වෙතට මෙම ගැටලුව බලනොපාන බවයි.
නිකුත් කරන නිවේදයක් ඔස්සේ Mozilla හි ආරක්ශක ප්‍රධනී  Daniel Veditz  තම භාවිතාකරන්නන් දැනුවත්කරමින් පවසන්නේ හැකි ඉක්මනින් Firefox version 39.0.3 නැතිනම් ෆයර්ෆොක්ස් හි නවතම සංස්කරනය වෙතට තම බ්‍රවුසරය ඉහල නංවා ගැනීමට කටයුතු කිරිම වැදගත් වනු ඇති බවය. පසුගිය දිනවලදී Yahoo වල වෙළඳ දැන්වීම් යාන්ත්‍රනය සම්බන්දිත Flash වල ආසාදිතයක් වේගයෙන් පැතිරෙන්නට පටන් ගත් අතර ලොවපුරා පරිගණක මිලියන ගනනක් ආසාදනයට ලක් කරන්නට එය සමත්වූ බවට තොරතුරු හෙලි වුනා.