Fcebook ආයතනය නිවේදනය කරනවා තම Graph Search වලදී ඔබගේ පලකිරීම් වලට අමතරව ඔබගේ මිතුරෙකුගේ shared කරන ලද news item හෝ photo වැනි දෑද අඩංගු වන ලෙසට එම algorithm වෙතට යාවත්කාලීන ලබා දී ඇති බව. මේ අනූව එම අඩවියේදී කරනු ලබන සෙයුමකදී ඔබ විසින් එම සෙයුමට අදාලව පලකර ඇති දෑට අමතරව ඔබේ මිතුරෙකු විසින් ඔබ සමග share කරන ලද දෑද අඩංගු වනු ඇත. දැනට මෙම යාවත්කාලීනය desktop web version සමග පමනක් ඇමරිකානු භාවිතාකරන්නන් සදහා ක්‍රියාත්මක වන අතර ඒ සදහා වන iPhone app නිකුතුවද මේ සතිය තුලදීම පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වනවා. තම Facebook ගිනුම තුල වන දෑ පහසුවෙන් එක් පි‍ටුවකදීම නැවත ලබා ගන්නට සහය වන Graph Search අංගය 2013 ජූනි වලදී නිකුත් කරන ලද අතර මාසයක් තුලදී එම අංගය සියලු භාවිතාකරන්නන් වෙතට මුදා හරින්නට Facebook ආයතනය කටයුතු කරනු ලැබුවා. එම නව ආකාරය බොහෝ භාවිතාකරන්නන්ගේ කැමැත්තට පත්වූ අතර මෙමනව යාවත්කාලීනය සමග Facebook භාවිතාකරන්නන් වඩාත් ප්‍රිය ජනක අත්දැකීමක් ‍රැගෙන එනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. දැනට මෙම යාවත්කාලීනය සියලුම භාවිතාකරන්නන් වෙතට පැමිනෙන දින වකවානු පිලිබදව සදහනක් නැති මුත් නුදුරේදීම එය සිදුවනු ඇති බවට බලපොරොත්තු පල වෙමින් තිබෙනවා.