තොරතුරු තාක්ෂණ ලෝකය මතවාද වලින්ද පිරුනු තැනකි. තත්වය ගැටලුවක් වන්නේ සමහර මතවාද පැමිනෙන්නේ කිසිදු සත්‍ය භෞතික පදනමකින් නොවීමය. හොඳම මෘදුකාංග වර්ග , හොඳම දෘඩාංග වර්ග වැනි දෑ පිලිබදව විටක අදහස් විමසීමේදී එම තාක්ශණවේදියා අනුමතකල වෙළඳ නාමයන් පිලිබදව වැඩි දුරටත් විමසීමේදී පැහැදිලි වූවේ ඔහු සේවය කරන වෙළඳ සැලේ අලවි කරන්නේ එම වෙළඳ නාමයන් යටතේ පැමිනෙන නිසා හැරෙන්නට වෙන කිසිදු හේතුවක් නොමැති බවයි. ඔහු අනෙකුත් නිෂ්පාදන ප්‍රතික්ශේප කරන්නට යොදාගත් තොරතුරු එම නිෂ්පාදනයන් පිලිබදව ලොවපුරා භාවිතාකරන්නන් ගේ අදහස් වෙබ් අඩවි ඔස්සේ සොයා බැලීමේදී හඳුනා ගන්නට නොහැකිවිය. සැබවින්ම සමහර අවස්ථාවලදී නිෂ්පාදන සැලසුම් වල සිටම එන දුර්වලතා ප්‍රකට කරන නිඔෂ්පාදනයන් වෙළඳ පොලතුලදී කලාතුරකින් හඳුනා ගන්නවා පමනක් නොව වඩාත් කලාතුරකින් සමස්ථයක් ලෙසට එම සමස්ථ නිෂ්පාදනය වෙළඳ පොලෙන් ඉවත්කරන්නට පවා එම ආයතනයන් ක්‍රියාත්ම වූ අවස්ථා නැතුවාම නොවුනද භාවිතාකරන්නා ගේ අවශ්‍යතාවයට ගැලපෙන හා ඔහු දැරීමට බලාපොරොත්තුවන මිළට සරිලන ලෙසට එන නිෂ්පාදනයන් මග හැරවා දමමින් තමන් සතුව දැනට ඇති වෙළඳ නාමයන් වෙතට කැදවා ගන්නට බොහෝ විට තැත්කරන තාක්ෂණික උපදෙස් පැමිනීම බහුලව සිදුවේ. සත්‍ය නම් බොහෝ විට තරගකාරී සමාගම් තම නිෂ්පාදනයන් වල තත්වය හොඳ මට්ටමක තබා ගන්නට නිරන්තරයෙන් ක්‍රියා කරනවා විනා ලෙහෙසියෙන් දෙවැනි තැනට පැමිනෙන්නට කටයුතු නොකිරීමය. එසේම එම උපාංග හෝ දෘඩාංග සදහා පැමිනෙන නිසි උපදෙස් අනූව කටයුතු කිරීම එයින් උපරිම ප්‍රයෝජනය සදහා නම් අනිවාර්ය වීමය.