බොහෝ භාවිතාකරන්නන් හට දෛනිකව පරිගණකයත් සමග වන කටයුතු වලදී වැදගත් වන මෘදුකංගයක් ලෙසට PDF රීඩරය පිලි ගැනේ. electronic document සමග කටයුතු කරන්නට මෙම මෘදුකාංගය සහයට එන අතර ලොව භාවිතාවන PDF කියවනයන් අතර වඩාත් පිලිගත් මෙන්ම වඩාත් ගොනු වර්ග ප්‍රමානයක් සමග කටයුතු කරන රීඩරය ලෙසට මෙම මෘදුකංගය පිලිගැනේ. එය සමග බහුලව වන ක්‍රියාකාරකම් අතර view, search, digitally sign,verify, print ඇතුලු තවත් බොහොමයකි. තවත් වැදගත්ම කාරනාවක් වන්නේ පහර දෙන්නන් අතරටද බහුල ඉලක්කයක් ලෙසට PDF රීඩරයන්ද ගැනෙන නිසා එම මෘදුකාංගයේ වඩාත් නවීනතම සංස්කරනය හොඳින්ම යාවත්කාලීනව තබා ගැනීම වැදගත් වීමය. එම ආයතනය නිවේදනය කරන්නේ මෙම සංස්කරනය සමග පහසුවෙන් Online ආකාරයට Wor හා Excel වැනි අනෙකුත් මෘදුකාංග සමග පහසුවෙන් කටයුතු කිරිමේ හැකියාව , දැනට භාවිතාවන සියලුම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිසමග කටයුතු කිරීමේ හැකියාව ඇතුලු බොහෝ දේ වන බවටයි. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මෙම මෘදුකංගයේ නවතම සංස්කරනය ඔබටද ලබා ගන්නට හැකි වනු ඇත