සුමට සංනිවේදනය තොරතුරු තාක්ෂණයේ එක අග්‍ර ඵලයකි. මේ අප පසුකරමින් සිටින යුගයේදී Facebook සටහන් වන්නේ ඒ සදහා කැපීපෙනෙන මැදිහත් කමක් ගෙනෙන අවකාශයක් ලෙසෙනි. අනෙකුත් බොහෝ තොරතුරු තාක්ෂණ සේවාවල් වලහී මෙන්ම පෙරකි ආයතනයද තම සේවාව අශ්‍රිත අමතර අංග කෙරෙහි අවධානය යොමු කිරීම දක්නට හැක. Facebook ආයතනය නිකුත්කරන නවතම නිවේදනය කින් කියවෙන්නේ තමන් video calling devices දෙකක් නැතිනම් Portal Go උපකරන දෙකක් වෙළඳ පොලට අඳුන්වා දෙන්නට කටයුතු කර ඇති බවකි. මෙම portable උපකරන දෙක 10-inch version හා 14-inch version ලෙසට වන අතර එවා සතුව 12-megapixel ultrawide camera වලින් මෙන්ම long-lasting battery හැකියාවක් ද portable speaker සයුත්ත වීමකින්ද වන බවට කියවෙනවා. එසේම මේවා Spotify, Pandora, හා iHeartRadio සංයුත්තවද Facebook හා Instagram සමග ඡයාරූප බෙදා හදාගැනීමේ හැකියාව පමනක් නොව Microsoft Teams සමග කටයුතු කිරීමේ හැකියාවද ඇති බවට නිවේදනය කරනවා. දැනට මේවා $199 හා $349 කට පෙර ඇනවුම් තත්වයේ තිබෙන බවට නිවේදනය වනවා.
Pubudu Siriwansa