Facebook ආයතනය පවසන්නේ තමන් 2016 සිට සැලකීමේදී safety හා security සදහා ඩොලර් බිලියන 13 වඩා වැයකරමින් සිටින බවයි. එසේම එම සමාජජාලා ප්‍රමුකයා පවසන්නේ මීට වසර 5කට පෙර තම ආයතනය මේ අරමුනු සදහා 10000 පිරිසකගේ සේවය ලබා ගත්තද මේ වන විට එම සංක්‍යාව 40000 තරම් ඉහල සංක්‍යාවකට ගෙනැවිත් ඇති බවයි. පසුගිය දිනවල Facebook වල Instagram app හරහා යෞවනය තුල සිදුවන හානිකර බවේ චෝදනාවක් එල්ලවූ අතර දියුනු වන රටවලදී එම app සේවාව human traffickers වැනි අමානුෂික කාරනා සදහාද භාවිතාවන බවට චෝදනා එල්ලවුනා. වැඩි දුරටත්කරුනු දක්වන Facebook ආයතන පැහැදිලි කරන්නේ තමන් artificial intelligence තාක්ෂණය සමග පසුගිය වසර භාගයේදී 3 billion fake accounts හඳුනාගන්නට හා ඉවත් කරන්නට සමත්වූවා පමනක් නොව මිලියන 20 කට වඩා COVID-19 හා vaccine content පිලිබඳව වන දුර්මත සහිත පලකිරීම් ඉවත් කරන්නට කටයුතු කල බවයි.
Pubudu Siriwansa