පසුගියදා Facebook වල තවත් බිඳ වැටීමක් වාර්ථාවෙනු ලැබුවා. එහිදීද WhatsApp, Instagram සහ Facebook සේවාවල පැය කිහිපයක බිඳ වැටීමක් ලොව පුරා සමහර භවිතාකරන්නන් අත්විඳ ඇති බවටයි වාර්ථා වන්නේ. එම වාර්ථා වැදි දුරටත් පවසන්නේ සමහර භාවිතා කරන්නන් ක්ෂණිකවම Twitter වැනි අනෙකුත් සමාජජාලා සේවාවන් ඔස්සේ තම අපහසුතාවය ගැන තොරතුරු පලකල බවයි. Facebook ආයතනය පවසන්නේ මෙම බිඳ වැටීම පෙර සිදුවීමට සම්බන්දයක් නැති බවයි. ඔවුන් සිදුවීම “configuration change” එකක් ලෙසට පවසන අතර ආයතනික මට්ටමින් මෙන්ම භාවිතාකරන්නන් ගේ තොරතුරු වෙත කිසිඳු හානියක් නැති බවට පවසා සිටිනවා.
Pubudu Siriwansa