Meta පවසන්නේ තමන් Facebook වලදී භාවිතාකරන්නන්හට බහු ලෙසට පුද්ගල profiles නිමවන්නට අවස්ථාවක් ලබා දෙන්නට සැලසුම් කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ඉදිරි මාස කිහිපය තුල මෙම හැකියාව ලොව පුරා මුදා හරින්නට කටයුතු කරමින් සිටින බවයි. ලොව ප්‍රමුකම social media ප්‍රමුකයා Facebook logo වල නවීකරනයත් ඇතුලු දියුනු කිරිම් කිහිපයක් සමග මෙම වෙනස්කම්ද ගෙනෙන්නට කටයුතු කර ඇත.මේ අනුව Facebook භාවිතාකරන්නන් හට personal profiles හතරක් @username ලෙසට එක්කරගන්නට හැකිවන අතර ඒවා සමග තම අනන්‍යතා කිහිපයක් තම මිතුරන් සමග බෙදා හදා ගන්නට හැකි වනු ඇත. මෙහිදී භාවිතා කරන්නෙකුට log out නොවී තම නෙක අනන්‍යතා අතර සරන්නට හැකි වන අතර මේවා වෙන වෙනම වන default settings සමග පැමිනෙන නිසා භාවිතකරන්නා හට ගැටලුවකින් තොරව වෙන වෙනම වන අනන්‍යතා වලට පහසුවෙන් නිරූපනයට අවස්ථාව වන බවයි.
Pubudu Siriwansa