Microsoft සමාගම පසුගියදා New York වල පැවැත්වූ හමුවකදී තම Windows 11 සදහා වන මීලග feature update එකෙහි නිකුතුව Sept. 26th වලට සිදිවන්නට නියමිත බව නිවේදනය කර තිබෙනවා. එසේම එය බලාපොරොත්තු වූ පරිදි version 23H2 නොවන බවත් 22H2 සදහා වන update එකක් වන බවටත් පැහැදිලි කර සිටිනවා. එය දැනට වන සියළුම භාවිතාකරන්නන් සදහා නොමිළේ වන නිකුතුවක් බවටත් පැහැදිලි කර සිටිනවා. මෙම නිකුතුව වඩාත් AI මිත්‍රබවක් සේම වෙනස්කම් කිහිපයක් මෙන්ම නවාංග කිහිපයක් ‍රැගෙන එන බවටත් පවසා සිටින අතර ඒවා අතර Paint වලදී background removal හැකියාවත් Snipping වලදී optical character හඳුනා ගැනීමේ හැකියාවත්, taskbar වල බලාපොරොත්තුවෙමින් තිබූ වෙනස් කම් කිහිපයක්ම වන බවට නිවේදනය වනවා. කෙසේ වෙතත් Windows 11 සදහා වන hardware requirements වල යම් වෙනසක් ගැනද මෙම නිකුතුව සමග බලාපොරොත්තුවූ මුත් තවමත් ඒ පිලිබඳව තවමත් කිසිදු තොරතුරක් ඒම ආයතනයෙන් පලව නැහැ.
Pubudu Siriwansa