Elon Musk විසින් තවත් artificial intelligence (AI) සමාගමක් xAI නමින් දියත් කර තිබෙනවා. ඔහු පැහැදිලි කරන්නේ වඩාත් මිනිසා සමග සමීපව කටයුතු කරමින් වඩාත් විනිවිඳ පෙනෙන හා වගකීමකින් හැසිරෙමින් අප අවට ලෝකය වඩාත් පැහැදිලි කර දෙන්නට AI සමත් වනු ඇති බවයි. xAI තවමත් ආරම්භක මට්ටමේ ආයතනයක් වුවද දැනටමත් ප්‍රකට AI ව්‍යාපෘතිවල පුරෝගාමීන් තම ආයතනය වෙතට කැඳවා ගන්නට කටයුතු කර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඒ ආතර ඒ අතර OpenAI වල මෙන්ම ගූගල් වල DeepMind project ආශ්‍රිත චරිත වෙතැයි කියවෙනවා. xAI team වල හමුවක් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති අතර එය Twitter වල පැවැත්වෙන්නට නියමිත අතර ලොව පුරා පැතිරෙන මතයක් වන වඩාත් ආරක්ශිත AI භාවිතාවක් තහවුරු කර ගැනීම ගැන Elon Musk ද ප්‍රමුක අවධානයකින් කටයුතු කරන්නෙකු වනවා.
Pubudu Siriwansa