මෙම මස ආරම්භයේදී Microsoft පවසා සිටියේ Edge වලට mouse gesture සහය පැමිනෙන බවකි. ඔවුන් පැහැදිලි කර සිටියේ මෙම Mouse gestures ඔස්සේ නෙක browser ක්‍රියාකාරකම් සදහා සහය ලැබෙන බවකි. සමස්ථයක් ලෙසට මෙම Edge Mouse Gesture ඔස්සේ බ්‍රවුසරය මත ක්‍රියාකාරකම් වේගවත් වීමක් දක්නට ලැබිනි. ඒඅතර tab එකක් විවෘත කිරීම්, page එකක් රිලෝඩ් කිරීම, InPrivate ආකාරය සංක්‍රියකිරීම, webpages අතර පහසු සංක්‍රමනය, වැනි ප්‍රධාන පෙලේ ක්‍රියාකාරකම් 16 එය ගෙනැවිත් ඇති බවටයි හදාරන්නන් පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් මෙම සමස්ථ පහසුකම සමහර වෙබ් අඩවි මතදී අක්‍රියකරවන්නට අවශ්‍ය වීම මෙ වන විට Microsoft සමාගම හඳුනාගෙන ඒ සදහා සැකසුම් මේ වන විට නිකුත් කර තිබෙනවා. සමහර වෙබ් අඩවි වලදී මෙම හැකියාව ගැටළුකරී වන අවස්ථා වලදී මෙය වැදගත් බවටයි ඔවුන්ගේ අදහස වන්නේ. තවමත් මෙම Edge Mouse Gesture හැකියාව default මට්ටමින් hidden ව ඇති අතර එය සංක්‍රියකිරීම සදහා edge://flags> Microsoft Edge Mouse Gesture ඔස්සේ සංක්‍රිය කර පසුව Settings > Appearance > Enable Mouse Gesture ඔස්සේ භාවිතයට ගන්නට හැකි වනවා.
Pubudu Siriwansa