Google පවසන්නේ Chrome web browser වෙතට සතියකට වරක් ආරක්ෂක යාවත්කාලීන නිකුතුවක් සදහා තමන් සූදානම් වන බවකි. ඔවුන් පවසන්නේ Chrome 116 වල සිට Chrome වල Stable සංස්කරන සදහා මෙම නිකුතුව වනට නියමිත බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ මීට පෙරදී මේආකාරයේ නිකුතුවක් “Stable Refresh” නමින් සති හතරකට වරක් සිදුවූ බවකි. පෙර සංස්කරන සදහා security fixes නිකුවීමේදී සාමාන්‍ය සංස්කරණ භාවිතාකරන්නන් සදහා අදාල දුර්වලතා පහර දෙන්නන්ට නිරාවරනය වීමද මෙම නව නිකුතුවේදී ඔවුන් සලකා බලන ලද්දකි. එප්ව්මනක් නොව Google පවසන්නේ මෙසේ ක්‍රමවත් වේගවත් යාවත්කාලීන නිකුතුවක් සිදුවීම ඔස්සේ සැලසුම් නොකල හදිස්සි updates පැමිනීම වලකා ගන්නට හැකි වනු ඇති බවයි.
Pubudu Siriwansa