Chrome නැතිනම් Chromium මූලික browser සදහා වන එක් දුර්වලතාවයක් ලෙසට නම් කරනු ලැබ ඇති Energy efficiency නැතිකම ගැන වන චෝදනාවට යම් පිලිතුරක් ගෙනෙන්නට Google කටයුතු කරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ Chrome සමග 10*ක බල පිරිමැසුමක් ගෙනෙන්නට තමන් සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ background වලින් ධාවනය වන pages සදහා වන JavaScript activities සීමාකරන්නට කටයුතු කරමින් තිබෙනවා. Google වැඩි දුරටත් පවසන්නේ එම අත්හදා බැලීම් වලදී CPU time අඩුකරන්නට මෙන්ම energy consumption දියුනු කරන්නට පමනක් නොව battery life එකේද සැලකිය යුතු අඩුකිරීමක් සදහා තමන් සමත්ව ඇති බවයි. භාවිතාකරන්නෙකුට මෙම අත්දැකීම තවමත් Chrome Dev – Canary (version 105) සිට ඉහලට වන සංස්කරන ඔස්සේ පමනක් ගත හැකි අතර එම ආයතනය පවසන්නේ ඉදිරියේදී සාමාන්‍ය Chrome users ලා සදහා ගෙනෙන්නට කටයුතු කරන බවකි.
Pubudu Siriwansa