මූල්‍ය ආයතනයක් විසින් බිකුත් කරනු ලබන මුදල් හැකියාවක් ඇති ප්ලාස්ටික් කාර්ඩ් පතක් අද වන විට බොහෝ දෙනෙකුගේ පසුම්බියේ ඇත. ‍රැගෙන යාමේ පහසුවේ සිට ගනුදෙනු වලදී පහසුව මෙන්ම ආරක්ශාව වැනි බොහෝ හේතූන් කාහටත් මෙම පහසුව වෙතට එන්නට හේතූන් වන්නට ඇත. බහුලතම භාවිතාවන නාමයන් සැලකුව හොත් Visa, Mastercard, American Express, Discover වැනි නාමයන් යටතේ මේවා වේ. Visa, Mastercard කාර්ඩ්පත් කෙලින්ම භාවිතාකරන්නන් හට නිකුත් නොකරන අතර ඒවා භාවිතාකරන්නෙකු අතට එන්නේ co-branded එකක් යටතේ පමනී. එනම් යම් අවසර ලත් ආයතනයක් බොහෝ විට බැංකුවක නාමය යටතේ පමනය. කෙසේ වෙතත් මෙම කාර්ඩ්පත් නියෝජනය කරන්නේ electronic payments හැකියා ජාලයක සාමාජිකත්වයකි. අදාල කාර්ඩ්පත සමග Online, ATM, Point of sale වැනි යම් තැනක සිට මුදල් ගෙවීමකට අපට අවස්ථාවක් සලසයි. Card payments අද වන විට ව්‍යාපාරික ලෝකයේ ප්‍රමුක ආකාරයක් වෙමින් ඇති අතර දුරස්ථ අලවි කටයුතු වලදී මහත් පහසුවක් මෙන්ම සාර්ථක ගනුදෙනුවකට පෙලබීමක් වී ඇත.
Pubudu Siriwansa