හදාරන්නන් පවසන්නේ SMS ඇතුළු කෙටි පනිවිඬ සේවා ඔස්සේ විධිමත් ආයතනයන් ඔබගේ තොරතුරු විමසන්නේ නැති බවයි. ඔවුන් යෝජනා කරන්නේ එවන් ආයතනයක් නියෝජනය කරමින් ඔබට කෙටි පනිවිඩයක් තොරතුරු විමසා පැමිනෙන්නේ නම් අදාල ආයතනයෙන් දුරකථන ඇමතුමකින් හෝ ඔවුනගේ කාර්යාලීය Email ලිපිනය ඔස්සේ විම්සා තහවුරු කරගෙන ඉදිරියට යාම වැදගත් බවයි. විශේෂයෙන් ඔබට ලැබෙන වාසියක් පිලිබඳව සදහන් කරමින් ඒ සදහා වැඩිදුර තොරතුරු විමසමින් පෞද්ගලික හෝ රාජකාරී තොරතුරු විමසීමත් ලබා ගන්නා එම තොරතුරු ඔස්සේ ඔබගේ ගිනුම් වලට හානිකරන අවස්ථා බහුල වීම වඩ වඩාත් වැඩි වෙමින් ඇති බව ඔවුන්ගේ ගනනයන් නිරන්තරයෙන් පෙන්වා දෙයි. එක් අක්ෂරයක් වෙනස් වන වෙබ් ලිපින, ඊමේල ලිපින ඔස්සේ මෙන්ම කෙටි පනිවිඬ ඔස්සේ ඔබව නොමග යවමින් තොරතුරු සොරා ගන්නට දෙන අවස්ථා ඔස්සේ බැංකු වල ගිණුම් වලින් මුදල් සොරා ගැනීම, රාජකාරී තොරතුරු සොරා ගැනීම වැනි අවස්ථා පමනක් නොව ඒවා ඔස්සේ ලැබෙන Link සංක්‍රියකරවා ගැනීමෙන් අනතුරුව ඒ ඔස්සේ හානිකර මෘදුකාංග අදාල උපකරනයට ස්ථාපනයට සලස්වා වඩාත් දීර්ගකාලීන හානිකරන්නට කටයුතු කරන අවස්ථා දිනෙන් දින බවහුල වන බව හදාරන්නන් නිරන්තරයෙන් පෙන්වා දෙමින් සිටී.
Pubudu Siriwansa