ඔබගේ මුදල් හැකියාව සදහා අවසර ඇති ආයතනයක් විසින් දේශීයව හෝ ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන ගණුදෙනු ශක්‍යතාවය සහිත ජාලයකට ලැබෙන අවසර පතක් ලෙසටද මෙම මුදල් කාර්ඩ්පත් හඳුනා ගන්නට හැක. ATM. POS, Online ආකාරවලට මෙම තොරතුරු ඉදිරිපත් කිරීමෙන් හෝ ඉලේක්ට්‍රොනික ආකාරයට එම කෑර් පත ඉදිරිපත් කිරීමකදීඑපමනක් නොව ඔබද එම ජාලය ඔබව හඳුනා ගෙන ඔබගේ ගිණුම් සමග සම්බන්ද වන්නට ඉඩකඩ සලසනු ඇත. Debit හෝ Credit මේ කවර ආකාරයක පතක වූවද අඩංගුවන තොරතුරු වල පොඳු බවක් ඇත. එනම් එම කාර්ඩ් පතෙහි ඉදිරි මූනුනෙහි කාර්ඩ් අංකයක්, ක්ෂනිකව ලබ අනොගත් කාර්ඩ් පතක් නොවේ නම් නිකුත් කිරිම ලබන අයගේ නම, කල් ඉකුත්වන දිනය මෙන්ම පසු මුහුනෙහි රහස් අංකය එම මූලික තොරතුරු වේ. කාර්ඩ් පතක් නිකුත් කරන සෑම ආයතනයක්ම පැහැදිලිව දෙන උපදෙසක් වන්නේ එය අන්සතු කිරීම නොකල යුතු බවත්, එම තොරතුරු අනතුවීමක් ඔස්සේ සිදුවන ගනුදෙනුවක් වේනම් ඒ සදහා මූලික වගකීම නිකුතුව ලත් අය විසින් කල යුතු බවය. එපමනක් නොව කාර්ඩ් පතෙහි හිමිකරුද එය භාවිතාකරන විට කල්පනාකාරී විය යුත්තේ විවිධ ආකාරවලට එම තොරතුරු සොරා ගන්නට අපරාධකරුවන් නිරන්තරයෙන් උත්සාහ කරන බැවිනි.
Pubudu Siriwansa