Microsoft ආයතන තම Bing සේවාව ලබන්නන්ගේ වඩාත් ආකර්ශනීය පිවිසුමකට මග සලසමින් එහි homepage වෙතට සෑම දිනකම නව image එකක් ගෙනෙන්නට කටයුතු කරනු දැකිය හැකිය. අධි පැහැදිලි , ආකර්ශනීය මෙම imageයන් අතරින් භාවිතාකරන්නෙකුට පසුගිය image එකක් නැවත ලබා ගන්නට අවශ්‍ය වන විටක දී ඒ සදහා පහසුකම් ලබා දී තිබෙනවා. ඒ ඔස්සේ වසර කිහිපයක් පමන දක්වා ආපස්සට ගොස් තම ප්‍රියතම image එකක් ලබා ගන්නට හැකියාව මේ තුල තිබෙනවා. එම එකතුව තුලදී ඒවා වර්ගීකරනයද කොට ඇති අතර country / region ඇතුලු විවිධ ආකාරවලට එම තොරා ගැනීම් ලබා ගන්නට හැකි බවටයි පැහැදිලි කෙරෙන්නේ.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසෙන්නේකුට එම වෙබ් අඩවිය තුලදී මෙම පහසුව ලබා ගන්නට හැකි වනවා ඇත.

http://www.bing.com/gallery/?FORM=ML12CB&CREA=ML12CB#