Apple Watch යනු පලඳින අකාරයේ නැතිනම් wearable ආකාරයේ උපාංග අතර වඩාත් අවදානය දිනාගත් උපාංගය ලෙසට පිලිගැනේ. වඩාත් සුමට හා පහසු ආකාරයට තොරතුරු අවකාශය භාවිතාවට ඉඩසලසන අනගත තොරතුරු උපාංග පිලිබදව හදාරන්නන් මේ බව සඳහන් කර සිටිනවා. මෙම Apple උපාංගය විචාරනය වන්නේ ස්ටීව් ජොබ්ස් ගෙන් පසුව ඇපල් ආයතනය ගෙන ආ වඩාත් නිර්මාණශීලී උපාංගය ලෙසටය. කෙසේ නමුත් මෙම උපාංගය පිලිබදව වන ප්‍රධානතම ගැටලුව වූවේ එහි battery lifeය කෙටිවිමය. Apple ආයතනය wiPowerBand හඳුනවා දෙමින් මේ සදහා සැලකිය යුතු විසදුමක් ‍රැගෙන එනන් බවටයි පවසා සිටින්නේ. polymer, soft silicone හා rubber skin සමන්විතව නිමවන මෙහි 250mAh batteryයකින් සමන්විත වන අතර එය Lightning cable එකක ඔස්සේ බල ගන්වන්නට හැකිවනවා. මෙම සහයකය 4mm ඝනැති හා 20 grams බැ‍රැතිව නිමවා තිබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. 38mm හා 42mm ප්‍රමාන දෙකෙන් පැමිනෙන මෙම නිකුතුව ඩොලර් 99ක් මිලැතිව එලබෙන May/June වලදී වෙළඳ පොලට පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වනේ.