Apple ආයතනය තම macOS / iOS සදහා මෙතෙක් කල් පවත්වාගෙන එමින් තිබූ තම මෘදුකාංග පිලිබඳව ප්‍රතිපත්තිය වෙනස් කරන්නට තීර්නය කර තිබෙනවා. European Union’s Digital Markets Act වලටද එකග වෙමින් ඔවුන් නිවේදනය කරන්නේ third-party app stores වලට මෙන්ම iOS sideloading apps වලට තම ප්‍රමිතීන් වලට එකගව තම මෙහෙයුම් පද්ධති සමග කටයුතු කරන්නට අවස්ථාව ඇති බවයි. ඔවුන් පවසන්නේ 30 percent fees මෙන්ම security requirements සපුරාලමින් එම මෘදුකාංග කොටස් සූදානම්ව තිබීම අනිවාර්ය වන බවයි. එසේම තම ගැබුරින් වන සමහර තාක්ෂණයන් සමගද කටයුතු කරන්න අවස්ථාව ලබාදෙන්නටද ඔවුන් තීර්නය කර ඇති බවටයි හෙලි වෙන්නේ. Microsoft ද තම 11 සංස්කරනය සමග තෙවන පාර්ශව Apps වලට අවස්ථාව දීම පසුගිය කාලයේ සිට ආරම්භ කර තිබුනා. Apple ආයතනයේ මෙම නව පියවරයන් 2023 දී එන්නට නියමිත iOS 17 සමග සිදුවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa