ඔබ Android 4.3 හා එයට වඩා පැරනි Android උපකරනයක් මිලදී ගන්නට කටයුතු කරන්නේනම් කල්පනාකාරී වීම වැදගත් වනු ඇති බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ WebView මූලිකව ක්‍රියාත්මක වන app එකක් ක්‍රියාත්මක කිරීම ඔස්සේ පහසුවෙන් උපාංගය අසාදනය වීමට ඉහල ඉඩක් වන බවයි. Google ආයතනය මෙම ගැටලුව සදහා පවසා සිටින්නේ මේ ගැටලුව වෙනුවෙන් යාවත්කාලීනයක් නිකුත්කරන්නට තමන් කටයුතු නොකරන බවකි. ආයතනය මීට පසු සංස්කරන සදහා වෙනත් තාක්ශනයක් භාවිතාකරන්නට කටයුතු කර ඇති අතර පෙර ගැටලුව සදහා පිලිසකර නිකුත් කිරීම ඉතා සංස්කීර්න කටයුත්තක් ව ඇති බවටයි පැහැදිලි කරන්නේ. නිෂ්පාදකයින් හා සේවා සපයන්නන් අතරින් එම යාවත්කාලීන නිකුත් කරන්නට සිදු වීම ඔවුන් පැහැදිලි කර සිටිනවා. ආයතනය පවසා සිටින්නේ විකල්ප බ්‍රවුසර සහයක් ඔස්සේ WebView ආශ්‍රිත app මග හැරසිටීම වඩාත් වැදගත් වනු ඇති බවයි. මේ අනූව KitKat(4.4)ට පෙර Android සංස්කරන භාවිතාව ලොව ඇන්ඩ්‍රොයින් උපාංග වලින් තුනෙන් දෙකක් වන විශාල ප්‍රමනයක් භාවිතකරන්නන් කල්පනා කාරීවීම වැදගත් බවට යෝජනා වනවා.