චීනය හා ඇමරිකාව අතර වන ගැටලුව වැඩි වැඩියෙන් cybersecurity දෙසට තල්ලු වෙමින් පවතින බවට මෑතකදී විටින් විට තොරතුරු පලවෙමින් තිබුනා. දෙරට අතර පැන නැගෙමින් ඇති නවතම තත්වය වන්නේ චීනය විසින් එරට වැසියන්ගේ භාවිතාව සදහා පැමිනෙන සියලු මෘදුකාංග වල source code එරට රජයට නිරාවරනය කිරීමේ අනිවාර්ය නීතියක් මෙන්ම භාවිතාවන සියලුම encryption algorithms එරටදී අනුමත වන මට්ටමක විය යුතු බවටද පවසා සිටිනවා. එපමනක් නොව එරට අලවියට බලාපොරොත්තුවන සියලුම hardware ද එරට අභ්‍යන්තර laboratories වල දී පිරික්සුමට ලක්ව අනුමත මට්ටමේ විය යුතු බවටද පවසා සිටින බවද පවසනවා.ක්‍රමයෙන් දෙරට අතර ගැටලුව සංකීර්න වෙමින් ඇති බවක් පෙන්වන බවට වාර්ථා වන අතර පසුගියදා රුසියාවද තම රට වැසියන්ගේ තොරතුරු එරට තුලවන සර්වරයන් ‍රැදවිය යුතු බවට අනපනත් ගෙනෙන්නට කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් ඇමරිකානු ව්‍යාපාරික අංශ චීනයේ මෙම නව පියවරයන් පිලිබදව කනස්සල්ල පලකරමින් චීන ආර්ථික වර්ධනයට බලපෑමක් විය හැකි බවට අනතුරු අගවා තිබෙනවා.