වෙබ් අවකාශයේ වන අපමනක් දෑ සොයා යන්නන්ගේ සහයකයා වන්නේ බ්‍රවුසරය වේ. දිනෙන් දින බිහිවන නව තාක්ශනයන් සමග වඩාත් භාවිතකරන්නාගේ දෛනික අවශ්‍යතා වෙතට සමීපවන වෙබ් අවකාශයේ වන දෑයීන් උපරිම ප්‍රයෝජනය සදහා වඩාත් සාර්ථක වෙබ් බ්‍රවුසරයක අවශ්‍යතාවය වඩාත් කැපී පෙනිමින් ඇත. Vivaldi නම් නව බ්‍රවුසරයක පෙර සංස්කරනයක් හඳුන්වා දෙමින් හිටපු Opera හි ප්‍රමුක ක්‍රියාකාරකයෙකු මෙන්ම එහි සම නිර්මාතෘ වරයා පවසන්නේ වඩාත් ක්‍රියාකාරී මෙන්ම නම්‍ය පමනක් නොව භාවිතාකරන්නා ප්‍රමුකව සැලකෙන බ්‍රවුසරයක අවශ්‍යතාවය සදහා Vivaldi browserය ක්‍රමයෙන් සංවර්ධනය කරමින් සිටින බවයි. එහි පලමු technical preview නිකුත්කරමින් වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ අඩවි කිහිපයක් single tab එකකට ගොනු කිරීම වැනි නව ප්‍රවනතා නව දියුනු කිරීම සමග අත්හදා බැලෙමින් තිබෙන බවයි. පවතින බ්‍රවුසර භාවිතයෙන් ඉක්මව නව භාවිතාවක් ‍රැගෙන එන බ්‍රවුසර අත්දැකීමක පෙර සංස්කරන අත්දැකීමක් (තවමත් සංවර්ධනය වෙමින් පවතින නිකුතුවක් බැවින් ගැටලුකාරී අවස්ථා බලාපොරොත්තුවිය යුතුය) විඳින්නට ඔබත් කැමැත්තේ නම් පහත සබඳතාවය ඔස්සේ එම බ්‍රවුසරය ඕබටත් ලබා ගන්න්ට හැකි වනු ඇත.

https://vivaldi.com/#Download