Google ආයතනය මේ වන විට තම Android 12 වල අවසාන පෙර සංස්කරනය නැතිනම් Android 12 Beta 5 නිකුතුව සිදුකර තිබෙන බවට වාර්ථා වෙනවා, ඔවුන් පවසන්නේ තම මීලග Android නිකුතුව ස්ථාවර මට්ටමක වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Platform Stability මට්ටම වන විට APIs හා app-facing behaviors නැතිනම් මෙහෙයුම් පද්ධතිය සූදානම් තත්වය වන විට එහි ආශ්‍රිත මෘදුකාංග කොටස් සමග ක්‍රියාත්මක වීම තෘප්තිමත් තත්වයක වන බවයි. මෙම Beta 5 නැතිනම් “release candidate” මට්ටම වන විට Android සමග කටයුතු කරන ඇප් හා අනෙකුත් මෘදුකාංග සංවර්ධකයන් වෙත තම අවසාන සංස්කරන සූදානම් කරගන්නා මෙන් ගූගල් ආයතනය පවසා ඇති බවට නිවේදනය වනවා. මේ අනූව Android 12 නිකුතුව ඉදිරි සති කිහිපයේදී සිදුවීමට ඉඩ තිබෙනවා.
Pubudu Siriwansa