windows11 පිලිබඳව පැහැදිලි කිරීම් ක්‍රමයෙන් Microsoft වෙතින් පලවෙමින් ඇත. ඔවුන් පවසන්නේ windows 11 වලදී ඔවුන් වඩ වඩාත් ආරක්ශිත හා වේගවත් OS භාවිතාවක් සදහා දියුනු කරමින් සිටින බවකි. windows11 හඳුන්වා දෙමින්ම ඔවුන් වඩාත් ආරක්ශිත භාවිතාවක් තහවුරු කරන දෘඩාග අනිවාර්ය ලෙස නිවේදනය කරන ලද අතර එලබෙන මෙහෙයුම් පද්ධතිය භාවිතය සදහා එය System firmware: UEFI, Secure Boot capable හා TPM: Trusted Platform Module (TPM) version 2.0 දෘඩාංග පහසුකම් ඉල්ලා සිටී. පලවෙන නවතම තොරතුරු වලට අනූව පෙනීයමින් ඇත්තේ මයික්‍රසොෆ්ට් ආයතනය තම නව මෙහෙයුම් පද්ධතිය සදහා වඩාත් සුසර වූ දෘඩාංග මට්ටමකට කටයුතු කරමින් සිටින බවකි. එසේම මේ වන විට Windows 11 සාමාන්‍ය නිලුතුව ආරම්භවී ඇති අතර එය ක්‍රමයෙන් ලොවපුරා සුදුසුකම් ඇති උපංග වෙත පැමිනීමට නියමිත අතර එලබෙන වසරේ මැද භාගය වන විට එම ඉලක්කය සැපරීමට බලාපොරොත්තු වන බව පවසා සිටී.
Pubudu Siriwansa