නිවාස මට්ටමේ මෙන්ම ව්‍යාපාරික මට්ටමේදීද broadband speeds පිලිබදව වන අර්ථ දැක්වීම කලින් කලට වෙනස් වන සුලුය. කලකට ඉහතදී එය kilobits per second මට්ටමේදීද පැවතුනි. හුඳු Text මට්ටමේ භාවිතාවන්ගේ සිට එය දැන් වඩ වඩාත් සාමාන්‍ය ජීවිතය මත විවිධ ලෙසට භාවිතාව වැඩි වෙත්ම වැඩි වෙගයක් අවශ්‍ය වීම බලාපොරොත්තුවිය යුත්තකි. ඇමරිකානු Federal Communications Commission (FCC) වෙතින් නිකුත්වන අලුත්ම වාර්ථාවක් පවසන්නේ සබඳතාවක් ‘broadband’ ලෙසට ගැනෙන්නට නම් එය අවමව එය 25Mbps වේගයක් තිබිය යුතු බවකි. මෙම වේග සීමාව බලාපොරොත්තුවෙමින් තිබුනේ 10Mbps ලෙසට වේවියෙයි වුවද FCC වෙතින් පැමිනෙන මෙම සීමාවන් සමග යම් ආයතනයක් තම සේවාව ‘broadband’ ලෙසට ප්‍රචාරය කිරීම සදහා ඉදිරියේදී අවමව 25Mbps වේගයක දත්ත downstream හැකියාවක් භාවිතාකරන්නන් වෙතට ලබා දෙන්නට සිදුවනු ඇත.